― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම ඊට හේතුවයි. ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡාවලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇති බවටයි ඇමති ප්‍රසන්න රණතුංග විශ්වාසය පළ කරන්නේ.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සදහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් මීට පෙර සිදු කර තිබුණා. එහි මාළඹේ සිට පිටකොටුව දක්වා වන ඉදිකිරීම්වලට අදාළව සවිස්තරාත්මක සැලසුම්, කොන්ත්‍රාත් ලේඛණ, ලංසු ලේඛණ ඇස්තමේන්තු හා අධීක්ෂණ සේවා සැපයීම සඳහා ජාත්‍යන්තර උපදේශණ සමාගමක් පත් කෙරුණු අතර එම මූලික කරුණු වෙනුවෙන් වෙන් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120ක්.

මෙම මූලික කටයුතු 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු අතර එය අවසන් වීමට තිබුණේ මාස 91කින්. කෙසේ වෙතත් මාස 21ක උපදේශන කාල සීමාවෙන් පසු එනම් 2020 දෙසැම්බර් 31 වන දින වනවිට ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම උපදේශන කටයුතු නතර කරන විට ව්‍යාපෘතියේ මූලික සැලසුම් 60%ක් අවසන්ව තිබුණු අතර විස්තර සැලසුම් 78%ක් අවසන්ව තිබුණා. මාලඹේ දක්වා පාංශු පරීක්ෂණ මෙන්ම පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන්ව ඇති බවද සඳහන්.

ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත් කර ගැනීමද ආරම්භ කර ඇති අතර ඒ සදහා හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22ක්. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ බොහෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බවයි. එහෙත් අදාළ අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නැහැ.

සැහැල්ලු දුම්රිය සේවාව අවලංගු කිරීම හේතුවෙන් උපදේශන සේවා සදහා පත්කළ සමාගම ඉල්ලා සිටි ආලාභ හානි විශ්ලේෂණය කර ගත යුතු පියවර තීරණය කිරීමට ඇමති මණ්ඩලය සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර ජයිකා ආයතනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ණය මුදලින් එය ගෙවීමට එකග වී තිබෙනවා. එහෙත් ලබාගෙන ඇති ණය මුදල සක්‍රීය වී නොමැති නිසා ගෙවීම් සිදු කළ නොහැකි වී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දුන්නේ.