28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරැල්ලේ යකා නැටූ තරුණයා වෙඩි තබා අල්ලයි

බොරැල්ලේ යකා නැටූ තරුණයා වෙඩි තබා අල්ලයි

රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට උත්සාහ පුද්ගලයෙකු වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසිය පැවසුවේ වෙඩි වැදුණු එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවයි.

එම පුද්ගලයා සන්තකයේ තිබී උල් ආයුධයක් සහ ඒ ආසන්නයේ වැටී තිබූ ආරක්ෂක හිස්වැස්මක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර විජය පුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.