― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසජිත් බාගෙට හැදූ ගෙවල්වල වැඩ අවසන් කරන්න

සජිත් බාගෙට හැදූ ගෙවල්වල වැඩ අවසන් කරන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස ඇමති ධුරය දැරූ සමයේදී දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදා ගම්මාන නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

සජිත් ප්‍රේමදාස නිවාස ඇමතු ධුරය දැරූ 2015-2019 කාලය තුළදී දිවයින පුරා උදා ගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.