29.5 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් නිලධාරියෙකුගේ ගෙල සිර කළ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිර කළ අයෙක් අත්අඩංගුවට

ගාලු මුවදොර වටරවුම ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙළ සිර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ගෙල සිරකර ඇත්තේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුගේයි.

මෙම පුද්ගලයා විසින් පොලිස් කොස්තාපල්වරයාගේ පිටුපසින් පැමිණ ගෙළ වටා අත දමා ගෙල සිරකර ඇති අතර එම අවස්ථාවේදී අවට සිටි පුද්ගලයින් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්‍රහණයෙන් නිලධාරියා මුදාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවටයි පොලිසිය සැක කරන්නේ.