27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමස්ත ආ‍යෝජකයන්ට ගැළපෙන්න මුදල් පනත සකස් කර තිබෙනවා

සමස්ත ආ‍යෝජකයන්ට ගැළපෙන්න මුදල් පනත සකස් කර තිබෙනවා

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

සමස්ත ආ‍යෝජකයන්ට ගැළපෙන පරිදි මුදල් පනත සකස් කර ඇති බවත්, වෙ‍ළෙඳපොළ නව්‍යකරණයට අවශ්‍ය තාක්ෂණික ක්‍රමෝපායයන් ඒ සඳහා ඇතුළත් කර ඇති බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (7) ප්‍රකාශ කළේය.

දැනට පවතින දුර්වලතා නිවැරදි කර ගනිමින් ඉදිරියට යා හැකි පරිදි නව පනත සකස් කර ඇති බවත් මෙමඟින් අන්තර්ජාතික මට්ටමේ නියාමනයක් කිරීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

“අපේ රටේ පමණක් නොවේ ලෝකයේම ආයෝජකයන්ට ඔබින පරිදි මේ පනත සකස් කර තියෙනවා. මා 1992 දී වරලත් ගණකාධිකාරීවරයෙක් වශයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයෙක් විදියට කටයුතු කර තියෙනවා. දැනට තියෙන දුර්වලතාවන් නිවැරදි කරගෙන ඉදිරියට යන්න පුවළුන් විදියට තමයි මේ පනත සකස් කර ඉදිරිපත් කළේ. මා හිතන්නේ මේ අලුත් පනතෙන් පාරදෘශ්‍ය භාවයක් බලාපොරොත්‍තු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ නියාමනයක් ඇති කරන්න අප බලාපොරොත්තු වෙනවා. ආයෝජකයෝ රටකට පැමිණෙද්දී රටේ පවතින නීති අනුය ඔවුන්ට වැදගත් විදියට ආයෝජනයක් කරන්න පුළුවන් කොහේද කියා බලනවා.

මේ තත්ත්වය මත ‍අපේ කොටස් වෙ‍‍ළෙඳපොළ විශ්වාසයකින් හා දැඩි ශක්තිමත් බවකින් ඉදිරියට ගමන් කිරීමට හැකි වෙනවා. මේ අලුත් නීතියෙන් වෙ‍ළෙඳපොළ නව්‍යකරණයට අවශ්‍ය තාක්ෂණික ක්‍රමෝපායන් ඇතුළත් කර තියෙනවා. ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ අදහස් මේ සඳහා ඉදිරිපක් තර තියෙනවා. අප මේ පනතේ රෙගුලාසි ඉතා විනිවදභාවයකින් තමයි ක්‍රියාත්මක කරන්නේ. අපේ ර‍‍ටට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම අරමුණයි. සමහරු මුදල් විශුද්ධිකරණය ගැන විතරයි කතා කළේ. තමන්ගේ ආදායම බදු හැටියට ඉදිරිපත් කර නැතුව ඇති. ඒකෙන් කියැවෙන්නේ නැහැ ඒ මුදල් නීතිවි‍රෝධී කිය. රටේ රුපියල ගැන විපක්ෂයේ සමහර අය කතා කරනවා. රුපියල අප හිතුවට වඩා අවප්‍රමාණ වෙලා. රුපියල රැක ගැනීම සඳහා මහ බැංකුව වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය වෙත යම්කිසි මඟ පෙන්වීමක් ලබා දෙන්න ඕනෑ.”

ස්වර්ණා විජේකෝන්