― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරට යන්න ඉන්න අයට සුබ ආරංචියක්

රට යන්න ඉන්න අයට සුබ ආරංචියක්

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබන අතර දිවයින පුරා කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලබනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයටම අයත්වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට යෝජනා කර තිබේ.