සිරිපා වන්දනා සමය මෙම මස 26 වැනිදායින් ඇරඹෙනවා.
සිරිපා වන්දනා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු වන අතර මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් වනු ඇති.
පිවිසුම් මාර්ග දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලිකව හෝ ස්ථිර වෙළඳසැල් තැනීමට අවසර නොමැත. සියලු සකස් කළ ආහාරද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව තිබිය යුතු අතර දන්සල් ලබාදීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතුයි.
වන්දනාකරුවන්ට ශ්‍රීපාද මලුව තුළ නවාතැන් ගැනීමටද අවස්ථාව නොලැබෙන අතර වන්දනා කටයුතු අවසන් වූ පසු නික්ම යා යුතු වනවා. ශ්‍රී පාද මලුව, අම්බලම් සහ විශ්‍රාම ශාලාවල සිඟමන් ලබාගැනීම මෙන්ම සිඟමන් ලබාදීමද නොකළ යුතුයි.
ආරක්ෂිත ස්ථානවල පමණක් දියනෑම සිදුකළ යුතු අතර ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පළාත් පාලන ආයතන හඳුනාගෙන ඇති ස්ථාන යොදාගත හැකිය.
මෙම මස 26 වැනිදාට යෙදී ඇති උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 24 වැනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වෙයි.