― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅසභ්‍ය වීඩියෝ බෙදා හරින්නන්ට පොලීසියෙන් වැට

අසභ්‍ය වීඩියෝ බෙදා හරින්නන්ට පොලීසියෙන් වැට

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවා හරින පුද්ගලයින් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමග එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පැවසුවේ මෙම දත්ත පද්ධතිය inter ational center for missing and exploited children ලෙස හඳුන්වනු ලබන බවයි.

මීට මාස දෙකකට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වූ බවත් ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් ඇය සඳහන් කළාය.

අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධ වී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර මෙමගින් ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හදුනාගැනීමට හැකියාව පවතිනවා.