29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් ගෙනා බිත්තර අද වෙළෙඳපොළට

ඉන්දියාවෙන් ගෙනා බිත්තර අද වෙළෙඳපොළට

බිත්තර මිල පාලනයට රජය ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර අද (20) සිටම අඩු මිලට ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයන් ඉතා ඉහළ මිලකට බිත්තර අලෙවි කිරීමත් සමඟ මිල පාලනය සදහා රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරිමට කටයුතු කළා.ඒ සමඟ මිල පාලනය වුවද යලිත් වරක් බිත්තර මිල ඉහළ දැමීමටයි නිෂ්පාදකයින් කටයුතු කළ අතර ඒ අනුව ජනතාවට සහන සැළසීම සඳහා රජය තවදුරටත් බිත්තර ගෙන්වීමට තීරණය කළා.

ඒ අනුව බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ඉන්දියාවෙන් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ද හිමි විය. මෙම බිත්තර සතොස මගින් සහන මිලට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.