29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව උපයා ගත් දේපල හා මුදල් සමඟ කතක් අල්ලයි

නීතිවිරෝධීව උපයා ගත් දේපල හා මුදල් සමඟ කතක් අල්ලයි

දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් ‘කුඩු අසංක’ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමඟ කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පැවසුවේ රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවයි.

මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, (AC නිවස) පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්, මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක්, යතුරුපැදි දෙකක්, කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 123000, පර්චස් දහයක ඉඩම් තුනක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ආමි අසංකගේ බිරිඳ වන 44 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය, විශේෂ කාර්ය බළකාය හා කහතුඩුව පොලිසිය එක්ව සිදුකර තිබෙනවා.

ආමි අසංක නමැත්තා යුද හමුදාවේ සේවය කරද්දී වැඩ තහනමකට ලක්ව පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී මෙසේ අයථා වත්කම් උපයාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.