29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවර කෙරේ

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවර කෙරේ

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් විවර කර තිබෙනවා.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර පැවසුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව අද (20) මොරගහකන්ද ජලාශයෙඋ වාන්දොරටු පහෙන් වාන් දොරටු දෙකක්, අඩි හතර හමාර බැගින් විවෘත කර තිබෙනවා.

ඒ අනුව වාන් දොරටු දෙකෙන් තත්පරයට ගණ අඩි 4000 ක ජල කඳක් අඹන්ගඟට මුදා හැරෙයි.

මොරගහකන්ද ජලාශයේ අක්කර එක් ලක්ෂ හැටදාහක විහිදුණු ජල ධාරා ප්‍රදේශයක් පිහිටා තිබෙන අතර දළ වශයෙන් වර්ග කිලෝමීටර් තිහකට ආසන්න භූමියක පැතිර ඇති ජලාශය, ජලය අඩි අක්කර අඩි ලක්‍ෂ හතර හමාරක ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගැනීමට හැකියාව පවතින බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.