ජනවාරි 01 වැනිදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා.
එම සංගමය පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජනවාරි 01 වැනිදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
දෙසැම්බර් 27 වැනිදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔවුන් පවසන්නේ.
2022 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු 1700කට අධික වෛද්‍යවරුන් පිරිසක් රටට අහිමි වී ඇති අතර තවත් 5,000කට වැඩි වෛද්‍යවරුන් පිරිසක් නුදුරේදීම රට හැර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.