27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාමර බැලීමට රෝහලට එන්න එපා

චාමර බැලීමට රෝහලට එන්න එපා

ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ ඊයේ (20) රෝහල්ගත කර තිබෙනවා.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කලුබෝවිල)ට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෙවුණු දිනවල චාමර වීරසිංහ අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහු විසින් ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කර තිබුණා.

රෝහල්ගතව සිටින චාමර වීරසිංහගේ සුවදුක් බැලීමට මේ වන විට විශාල පිරිසක් රෝහලට පැමිණෙමින් සිටින බවට වාර්තා වනවා.

රෝහල් ප්‍රකාශකයින් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගේ සුවදුක් බැලීමට නොපැමිනෙන ලෙසයි.