― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපූර්ණ ආබාධිත තැතැත්තන්ට අද සිට ඡන්ද හැඳුනුම්පත්

පූර්ණ ආබාධිත තැතැත්තන්ට අද සිට ඡන්ද හැඳුනුම්පත්

පූර්ණ ආබාධිත තැනැත්තන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ විශේෂතා හඳුනා ගැනීමට අදාළව තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (21) සිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ එම තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (21) පෙරුවරු 10ට පැවැත්වෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව, ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික සංවිධානය, පැෆරල් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

දෙසැම්බර් මස 03 වැනිදාට යෙදුණු ආබාධ තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙලෙස තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බවයි ඔහු පැවසුවේ.