― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිසුවියන් තිදෙනෙක් අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිතුල්ලේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක ගුරුවරයෙක් බවයි පොලීසිය පැවසුවේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කලපයට අයත් පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු පාසලේ විද්‍යාගාරය තුළදී අපයෝජනය කිරීම හේතුවෙනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම ගුරුවරයා 9 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා වන අතර ඔහු විද්‍යාව විෂය උගන්වන අයෙක් බවයි.

එමෙන්ම ඔහුගේ බිරිඳද ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.

අදාළ ගුරුවරයා එක් සිසුවියක් සමග ආදර සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම සිසුවිය හරහා අනෙක් සිසුවියන් දෙදෙනා ද අපයෝජනයට ලක්කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ගුරුවරයා එක් සිසුවියකගෙන් වට්සැප් මඟින් ඇගේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කාරකම් කර ඇති බවත් පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ගුරුවරයා අද (21) වලපනේ මහෙසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල් සිසුවියන් තිදෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රිකිල්ලගස්කඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.