28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථයක් පෙරළී පියෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් පෙරළී පියෙක් ජීවිතක්ෂයට

ගම්පොළ – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල නව නගරයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ඊයේ (20) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 16 හැවිරිදි ළමයෙක් තුවාල ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ උලපනේ, සාක් ගම්මානයේ පදිංචිව සිටි හතළිස් තුන් හැවිරිදි අයෙක් වන අතර ඔහු ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්‌කල් නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක්.

තුවාල ලැබූ ළමයා මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වන අතර ඔහු මේ වනවිට ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබනවා.