නත්තල් සමයේ කේක් අලෙවිය 50%කින් අඩුවී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසන්නේ මේ වන විට රටෙහි පවතින උග්ර ආර්ථික අර්බුදය ඒ සඳහා ප්රධාන හේතුව වී ඇති බවයි.
මීට පෙර වසරවලදී කේක් කිලෝ ගණන් මිල දී ගත් පාරිභෝගිකයින් මෙවර එය ග්රෑම් 250 දක්වා සීමා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.