― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසනාගේ කෝටි 12ක දේපළ ගැන පරීක්ෂණ අරඹයි

සනාගේ කෝටි 12ක දේපළ ගැන පරීක්ෂණ අරඹයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘සනා’ නැමැත්තාගේ බිරිඳගේ සහෝදරයා සහ තවත් පුද්ගලයකු රුපියල් 70 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරගහහේන, කෝරළේඉම ප්‍රදේශයේ සුවිසල් නිවසක හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (21) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ රුපියල් කෝටි 12 කට ආසන්න දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බවයි.

ප්‍රධාන සැකකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 200 ක් සහ ජාවාරමට යොදාගත් ජංගම දුරකථන දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලද ප්‍රකාශ මත දෙවන සැකකරු කොහුවල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 339 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරුගේ ස්වාමියා සතු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවස සම්බන්ධයෙන්ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ ‘සනා’ නැමැත්තා රෝමීන් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍යයේ සිට පොලිස් නිළධාරීන් හා සම්බන්ධ වී හඬා වැටී ඇත්තේ නිවස සහ මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශන සිදුනොකරන ලෙසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබනවා.