31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් ඇවිත්ද?

ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් ඇවිත්ද?

මේ දිනවල ඉන්දියාවේ පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට තමා විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඔහු පවසන්නේ මෙරට කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි බවත් මේ නිසාවෙන් නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව ඔහු ප්‍රකාශ කළා.

මෙහි රෝග ලක්ෂණ වන්නේ උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා ඇති වේ.

ඒ අනුව වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

චන්දිම ජීවන්දර ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන ලෙසටයි.