― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාසල් නිවාඩුව අදින් ඇරඹේ

පාසල් නිවාඩුව අදින් ඇරඹේ

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අදින් (22) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2024 පෙබරවාරි 01 වැනිදා ආරම්භ වන බවයි.

2024 වර්ෂයේ පෙබරවාරි 01 වැනිදා සිට 16 වැනිදා දක්වා තුන්වැනි වාරයේ දෙවැනි පාසල් වාරය පැවැත්වෙන අතර පෙබරවාරි 19 වැනිදා 2024 පළමු පාසල් වාරය ආරම්භ කරනු ලබයි.

2023 වසරට අදාළව පළමු පාසල් වාරය ආරම්භ කිරීමට සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර මේ වසරේදී එය මාස දෙකක් පමණ ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත් ජනවාරි මාසයේම ආරම්භ කිරීම තමාගේ ඉලක්කය වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

උසස් පෙළ විභාගය කල් දමන ලෙසට විශාල ඉල්ලීමක් පැමිණීමත් සමඟ සති 5ක් එම විභාගය කල් දැමීමට සිදු වූයේ යැයි ද නොවැම්බර් 27 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීමට තිබුණේ යැයි ද ඇමැතිවරයා කීය. ලබන වසරේදී 1 සිට 13 ශ්‍රේණිය දක්වා වන විෂය නිර්දේශ නොවැම්බර් මස අග අවසන් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.