30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 12ක රත්‍රං ගුවන්තොටේදී අත්අඩංගුවට

කෝටි 12ක රත්‍රං ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 12ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කිලෝ 05යි ග්‍රෑම් 500ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

35 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාව මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී සිටින බැවින් ඇයට මෙරට වාසය කිරීම සඳහා නේවාසික වීසා ද හිමිව තිබෙන බව සඳහන්.

ඇය තම කුඩා දරුවන් දෙදෙනා ද සමග අද අලුයම 12.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාව තම ඉන ප්‍රදේශයේ බැඳ තිබූ විශේෂ බඳ පටියක් භාවිතා කර ඒ තුළ සහ ඇයගේ අත් බෑගය තුළ පාර්සල් 08ක මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා.

සැකකාර ඉන්දීය ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් භාරයේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.