23.4 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතෙල් සංස්ථාවට ලක්ෂ 500ක සීසීටීවී

තෙල් සංස්ථාවට ලක්ෂ 500ක සීසීටීවී

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචිමාර්ග පවසයි.

සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර තිබී ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බව සඳහන් වෙයි.

රුපියල් මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතල මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවි කිරීමට මෙම මුදල වැය කර ඇතැයි කියති.

මෙම සංස්ථාව පිහිටි තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කමර සවි කර ඇති අතර නිලධාරින්ගේ කාමරවලට අධිතාක්ෂණික ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද වාර්තා වෙයි.