මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා අන්තර්ජාලයෙන් මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති බවත් ඒ තුළින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලබා ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තර්ජාලය තුළින් මගී ආසන වෙන් කිරීමේ සේවාවට ඉදිරියේදී බස් රථ 200ක් එක් කරන බවයි.
සභාපතිවරයා අවධාරණය කළේ sltb.eseat.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙලෙස මගී ආසන වෙන් කර ගැනීමට හැකියාව පවතින බවත් 1315 අංකයෙන්ද ආසන වෙන් කිරීමේ පහසුව ඇති බවත්ය.