― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුව උදේ ඉඳන් රෑ වෙනකන් රට රටවල්වලින් ණය හිඟාකනවා

ආණ්ඩුව උදේ ඉඳන් රෑ වෙනකන් රට රටවල්වලින් ණය හිඟාකනවා

යුද්ධයක් කරන රුසියාවෙනුත් ණය ඉල්ලන තත්ත්වයට අද ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත් ජනතාව උදේ සිට රෑ වනතුරු පෝලිම්වල සිටියදී ආණ්ඩුව කරනුයේ උදේ සිට රෑ වනතෙක් රට රටවල්වලින් ණය හිඟාකන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ජනතාව හමුවට ගොස් පවත්වන මැතිවරණයකින් ආණ්ඩුවක් ලබා ගන්නවා මිස ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුවක් ලබා ගැනීමේ කිසිදු අදහසක් සමගි ජන බලවේගයට නැහැ. ඒ නිසා දැන් ආණ්ඩුව කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා කැමැත්ත උරගා බැලීමයි.

රටේ සියලු ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය බව පේන්න තියෙනවා. ඒ නිසා අද ජනතාවට දිවා රෑ දෙකේම පෝලිම්වල රස්තියාදු වීමට සිදුවෙලා. ආණ්ඩුව දැන් කළ යුත්තේ ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන තෙක් නොසිට මැතිවරණයක් පැවැත්වීමයි.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විගස රුපියල් බිලියන 1,000ක් වූ රජයේ බදු ආදායම රුපියල් බිලියන 2,000ක් දක්වා ඉහළ නංවා ගත්තද වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස බදු ඉවත් කර රුපියල් බිලියන 800ක මුදලක් අහිමි කර ගත්තා.

යුද්ධයක් කරන රුසියාවෙනුත් ණය ඉල්ලන තත්ත්වයට අද ආණ්ඩුව බංකොලොත් වෙලා. ජනතාව උදේ ඉඳන් රෑ වෙනතෙක් පෝලිම්වල සිටියදී ආණ්ඩුව උදේ ඉඳන් රෑ වෙනතෙක් රට රටවල්වලින් ණය හිඟාකනවා.”