31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ටින් ජයවර්ධන කිවිඳුන් අභාවප්‍රාප්ත වෙයි

මාර්ටින් ජයවර්ධන කිවිඳුන් අභාවප්‍රාප්ත වෙයි

කලාභූෂණ ජ්‍යෙෂ්ඨ කිවිවර කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳුන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 98 වියෙහි පසු වුණා. මාර්ටින් ජයවර්ධන කිවිඳුන් නව කතා සහ කෙටි කතා රචකයකු මෙන්ම ගුවන්විදුලි නාට්‍ය රචකයකු ද වනවා.

ප්‍රවීන කිවිඳියක වූ දිවංගත චන්ද්‍රා විදාණපතිරණ මැතිණියගේ ස්වාමිපුරුෂයා වූ එතුමා පුවත්පත් කලාවේදී රන්ජන් ගාමිණී ජයවර්ධන, ප්‍රවීන කිවිඳියක වන ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන ඇතුළු දූදරුවන් හය දෙනෙකුගේ පියෙකු විය.

දිවංගත ගුවන්විදුලි ශිල්පී කරුණාතිලක හඳුවල කිවිඳුන්ගේ මාමණ්ඩිය වන අතර යොවුන් සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන සරිත් සහ සුරිත් ඇතුළු මුණුබුරු පිරිසගේ සීයා වේ.

දේහය දැනට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දෙසැ 29 වැනිදා බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.