ගෙවී ගිය උත්සව සමය තුළ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුම 50%කින් පමණ අඩු වී ඇති බවයි.
එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ මේ අනුව පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.