― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියන් සාගරයේ පිට පිට භූමිකම්පා 04ක්

ඉන්දියන් සාගරයේ පිට පිට භූමිකම්පා 04ක්

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරුවේ භූ කම්පන හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඒ අනුව අද (29) අලුයම 04.07, අලුයම 06.08, අලුයම 06.48 සහ පෙරවරු 08.08ට මෙම භූ කම්පනයන් සිදුව ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පෙරවරු 08.08ට සිදුවූ භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 05ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම භූ කම්පනවලින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.