― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහෙක්ටර් අප්පුහාමිට අලුත් පට්ටමක්

හෙක්ටර් අප්පුහාමිට අලුත් පට්ටමක්

ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පත්ව තිබෙනවා.

පසුගිය 11 වැනිදා මන්ත්‍රීවරයා මෙම තනතුර සඳහා පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ දීයි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියා. ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට මෙම තනතුර හරහා බලාපොරොත්තුවන බවයි.

එමෙන්ම මේ වනවිට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙනු ලබන ගැටළු සම්බන්ධයෙන් ද ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන බව ද මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් මෙරට ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ මන්ත්‍රීවරයා දෙරට අතර ආයෝජන, රැකියා, අධ්‍යාපන සහ සේවා සැපයීම සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් එළඹෙන ජනවාරි මාසයේ දී විශේෂ සාකච්ඡාවක් ලබාදීමටද මෙරට ඉතාලි තානාපතිවරයා පොරොන්දු වූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම මෙරට පිහිටි ඉතාලි තානාපති කාර්යාලය සමඟ කටයුතු කිරීමේ දී ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙනු ලබන ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් කඩිනමින් නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු සිදුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසා සිටියා.