― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsරජයේ පොහොර සමාගම් දෙකට මිලියන 480ක ශුද්ධ ලාබයක්

රජයේ පොහොර සමාගම් දෙකට මිලියන 480ක ශුද්ධ ලාබයක්

2023 වසරේදී ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ලාබ උපයා ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ රජයේ පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමූ බවයි.

මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මූලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.