28.2 C
Colombo
Wednesday, May 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණු

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණු

පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.

ලබන ජනවාරියේ සිට 18%කින් වැට් බදු වැඩිවීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.