28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසාවි රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් පලා යයි

උසාවි රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් පලා යයි

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව රිදීගම පොලීසිය පවසනවා.

රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී ඊයේ (01) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් නිවසක් බිද රුපියල් 96,500ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීමේ චෝදනාව මතද, අනෙක් සැකකරු හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙදෙනෙක්.

මොවුන් මහවෙල සහ දැදුරුනදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර මොවුන් ඊයේ (01) පැවති නඩු විභාගයකට වාරියපොල බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

එම අවස්ථාවේ දීයි මොවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇත්තේ.