28.4 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් ගැටලු විසදීමේ කමිටු වාර්තාව ජනපතිට

ක්‍රිකට් ගැටලු විසදීමේ කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ (01) බාර දෙනු ලැබීය.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කර මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ වේගවත් ක්‍රියාවලියක් හරහා මෙම වාර්තාව අවසන් කිරීමට හැකි වී තිබීම විශේෂත්වයකි.

පසුගිය නොවැම්බර් 06 වෙනි දින ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන අය කටයුතු කරනු ලැබීය.

එහි ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත් කරනු ලැබූ ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් කටයුතු කළ අතර අදාළ පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට එම කමිටුව කඩිනම් පියවර ගනු ලැබීය.