29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුමට ක්ෂණික දුරකථන අංකයක්

යුක්තියේ මෙහෙයුමට ක්ෂණික දුරකථන අංකයක්

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

071 859 8800 යන ක්ෂණික දුරකථන අංකය මෙලෙස හඳුන්වා දී ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අංකය සටහන් කළ ස්ටිකර් ත්‍රිරෝද රථවල ප්‍රදර්ශන කිරීම අද (02) සිදු වුණා.

මේ අතර සියලු ප්‍රජා පොලිස් කොට්ටාශවලට එම ස්ටිකර් ලබාදීමේ ක්‍රියාවලිය ද මීට සමගාමීව සිදු කෙරුණා.

මෙම දුරකථන අංකය ත්‍රීරෝද රථවල ප්‍රදර්ශනය කිරීම මඟින් මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකර ගතහැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට මෙම දුරකථන අංකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.