― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහන් මාලාවක්

ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහන් මාලාවක්

ඩෙංගු මදුරුවන් මර්දනය සහ පාලනය කිරීම සදහා ලබන ඉරිදා (07) සිට ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ ජාතික මට්ටමේ වැඩසටහන් මාලාව ඩෙංගු අවදානම් කළාප කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම විශේෂ වැඩසටහන දිවයිනේ සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන සිදු කෙරෙන අතර, පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඩෙංගු මදුරු මර්දන සහායකයින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්ල ග්‍රාමීය කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ද සහයෝගය ලබාගැනීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.