― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහොරෙන් ගෙනා ජංගම දුරකථන තොගයක් අල්ලයි

හොරෙන් ගෙනා ජංගම දුරකථන තොගයක් අල්ලයි

තීරු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන 323 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (03) කොළඹ – කටුනායක අධ්වේගී මාර්ගයේදීයි මොවුන් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයින් දෙදෙනා සමඟ ඒවා රැගෙන යමින් තිබූ වෑන් රථයද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙම ජංගම දුරකථන තොගය අතර භාවිතා නොකළ නව ජංගම දුරකථන 246 ක් සහ විදේශ රටවල භාවිතා කළ ජංගම දුරකථන 77 ක් තිබූ බවයි නිලධාරියෙක් කියා සිටියේ.

කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙම ජංගම දුරකථන තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන කොළඹ බලා රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ක්ෂණික මාර්ග බාධකයක් යොදා, මෙම වෑන් රථය නවතා, මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මේ වනවිට අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තොගය, ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් මේවා ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.