― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට අද (04) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස, මුදල් අමාත්‍යංශය, මහබැංකුව යන පරිශ්‍රවලට ඇතුළුවීම වලක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණ සිදු කරන ලෙසට සහ රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු නොකරන ලෙසට ද අදාළ නියෝගයේ සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිවයි විදුලි සේවකයන් උද්ඝෝෂණයේ නිරත වන්නේ.