26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 27ක විදේශීය දුම්වැටි තොගයක් අල්ලයි

ලක්ෂ 27ක විදේශීය දුම්වැටි තොගයක් අල්ලයි

රුපියල් විසි හත් ලක්ෂ දොලොස් දහසක් (2,712,000) පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු අද අලුයම 04.51ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ව්‍යාපාරිකයා රැගෙන ආ ගමන් මලු 03ක ‘මැන්චෙස්ටර්’ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,120ක් අඩංගු දුම්වැටි කාටූන් 135ක් සහ තවත් පැකට් 06ක් සූක්ෂම ලෙස සඟවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.