― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමීටියාගොඩ 'බබී' අත්අඩංගුවට

මීටියාගොඩ ‘බබී’ අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන ‘බබී’ යන අනවරථ නාමයෙන් හඳුන්වන අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ බබී නැමැත්තා නිසා එම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී තිබූ බවයි.

එම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් තොගයක් ද සොයාගෙන ඇති අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි ඔට්ටු ඇල්ලීමේ ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ වෙනුවෙන් සැකකරුගේ නිවස වටා ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවිකර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් 47 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීටියාගොඩ පොලීසියට භාරදී තිබෙනවා.