― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙබරවාරි සිට වාහන ලියාපදිංචියේදී TIN අනිවාර්යයි

පෙබරවාරි සිට වාහන ලියාපදිංචියේදී TIN අනිවාර්යයි

ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියා සිටියේ පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.

එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.