27.2 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් බේරෙන්න සැඟවුණු අයෙක් සිවිලිමේ කඩාගෙන බිම වැටෙයි

යුක්තියෙන් බේරෙන්න සැඟවුණු අයෙක් සිවිලිමේ කඩාගෙන බිම වැටෙයි

යුක්තිය මෙහෙයුම යටතේ යටියන්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් යටියන්තොට නගරයට ආසන්නව පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ සිවිලිමේ සැඟව සිටි පුද්ගලයෙක් සිවිලිම කඩාගෙන බිමට වැටී තිබෙනවා.

සැකකරු සිවිලිම කඩාගෙන බිමට වැටීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 85ක්, විවිධ බැංකුවලට අයත් බැංකු පොත් 12ක්, චෙක් පත් 59ක් සොයාගෙන ඇතැයි සඳහන්.

සැකකරු සතුව තිබූ දේපොළ සහ චෙක්පත්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 300කට වැඩි බව අනාවරණ වී තිබෙනවා. මෙම මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවස පොලිස් නිල සුනඛයෙකු යොදවා පරීක්ෂා කළ ද මත්ද්‍රව්‍ය කිසිවක් හමුවී නැහැ.