31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News18 ට වැඩි ප්‍රජාව අතර ටින් අංකය ගන්න වැඩි උනන්දුවක්

18 ට වැඩි ප්‍රජාව අතර ටින් අංකය ගන්න වැඩි උනන්දුවක්

ටින් අංකය ලබාගැනීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය අතර වැඩි උනන්දුවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් පැවැසීය.

ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට පසුව ඊට අනුකූලව කටයුතු නොකරන්නන්ට විරුද්ධව දඩ නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් කොමසාරිස් වැඩිදුරටත් අවධාරණය කළේය.

බදු නොගෙවන පුද්ගලයින්ට දඩ නියම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතේ ප්‍රතිපාදන තිබෙන බවත්, ටින් අංකය ලබාගැනීම ප්‍රමාද වූවා යැයි පවසා දඩ නියම කිරීමක් සිදුවන බව ඉන් අදහස් නොවන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

ටින් අංකය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ජනතාව හුරු කිරීම සහ දැනුවත් කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර ඇති අතර බදු ගෙවිය යුතු පුද්ගලයින් බදු ගෙවීම පැහැර හරින්නේ නම් අවසන් ආයුධය ලෙස දඩ නියම කිරීම සිදුකරන බවද ඔහු ප්‍රකාශ කළේය.