ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි නිල සංචාරයක් සඳහා අනිද්දා (11) දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහු 12 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එහිදී ජපාන මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හමුවී සාකච්ඡා පවත්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.