හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරාධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය ඊයේ (08) අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජනවාරි 01 වැනිදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබන අයුරු විකාශනය කළ ප්‍රධාන පෙළේ මාධ්‍යවල දර්ශන සහ මාර්ගයේ හා ඒ අවට ප්‍රදේශයේ ඇති සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන කරන බවයි කුරුඳුවත්ත පොලීසිය පවසන්නේ.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය දැනුම් දුන්නේය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල පැමිණිල්ලක් කරමින් පසුගිය ජනවාරි 01 වැනිදා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය සහ %මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන පුද්ගලයන් ඇතුළු පිරිසක් තමන් පදිංචි වී සිටින, අමාත්‍යවරයකු වන තම පියාට රජයෙන් ලබාදී ඇති නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාධී බිය ගැන්වීමක් හා අපහාසයක් කර ඇතැයි සඳහන් කොට ඇති බව දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් සිද්ධිය වූ දින කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස අවට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් හා හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් දැනුම් දුන් පොලීසිය මල් වඩම් තැබීමේ සිද්ධිය ආවරණය කිරීමට පැමිණි ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය මගින් හා ඒ අවට ප්‍රදේශයේ සවිකර ඇති සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන කරන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්, මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.