― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව වසරේ පළමු සතියේ ඩෙංගු රෝගීන් 2316ක්

නව වසරේ පළමු සතියේ ඩෙංගු රෝගීන් 2316ක්

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 473 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 427 ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය ඉරිදා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසහටනක් ආරම්භ කළ අතර එහිදී පරිශ්‍ර 6865 ක් පරීක්ෂා කර ඉන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන 462 ක් සොයා ගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවදාරණය කරනවා.