31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැටන් ඔසුසැල්වලට විශේෂ ආරක්ෂාවක්

හැටන් ඔසුසැල්වලට විශේෂ ආරක්ෂාවක්

යුක්තියේ මෙහෙයුමට සමගාමීව හැටන් පොලිස් කොට්ඨාසයේ ප්‍රධාන නගරවල පිහිටි ඔසුසැල්වල ආරක්ෂාව තර කිරීමට වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් ඇතැම් ඔසුසැල්වලින් විවිධ රෝග සඳහා නිකුත් කරන මත්වන පෙති වර්ග භාවිතයට හුරු වී ඇති බැවින් ඔවුන් වෛද්‍ය නිර්දේශ නොමැතිව ඔසුසැල්වලින් මත්පෙති මිල දී ගැනීමට උත්සාහ ගන්නා බවයි.

ඒ හේතුවෙන් සෑම ඔසුසැලකම ආරක්ෂිත කැමරා පද්ධතියක් පවත්වාගෙන යාමටත්, සෑම ඔසුසැලක්ම රාත්‍රී කාලයේ වසා තැබෙන බැවින් රාත්‍රි මුර සංචාරයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය.

එමෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මත්වන ඖෂධ වර්ග කිසිවෙකුට අලෙවි නොකරන ලෙසටත් ඔසුසැල් හිමියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.