― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා හෙට (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇය 13 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි.

ඈන් කුමරිය සමඟ ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා රජය ඇයට කළ ආරාධනයට අනුවයි ඇය මෙරට සංචාරයක නිරත වන්නේ.

ඈන් කුමරිය දෙවන එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර ඓඓඓ චාල්ස් රජුගේ එකම සහෝදරියද වනවා.