― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකසකස්ථානයටත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

කසකස්ථානයටත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

කසකස්තානයේ ඇස්තානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහායි කසකස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇත්තේ.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව (CICA) කසකස්තානයේ ස්ථාපිත කිරීමත් ශ්‍රී ලංකාව එම සමුළුවේ සාමාජිකයකු වීමත් හේතුවෙන් මධ්‍යම ආසියානු කලාපය සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

කසකස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් අස්තානා හි පිහිටුවීම දෙරට අතර සංචාරක සහ සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇති බවයි රජය පවසන්නේ.

එබැවින් යෝජිත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කසකස්තානයේ ඇස්තානා ප්‍රදේශයේ පිහිටුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.