මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මනම්පිටිය – ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවතින වර්ෂාව හේතුවෙන් මේ වනවිට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.