― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරුවන් ප්‍රසන්නගේ කල්ලියේ තවත් 30ක් හඳුනාගනී

රුවන් ප්‍රසන්නගේ කල්ලියේ තවත් 30ක් හඳුනාගනී

බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස විකෘති මතවාදයක් ප්‍රචාරය කරමින් හත් දෙනෙකුට දිවිනසා ගන්නට පෙළඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස හඳුනාගෙන ඇති අතර ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය විසින් දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් 30 දෙනා අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.