― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතවත් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ

තවත් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ වනවිට පවුල් ලක්ෂ 14 කට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන අතර අස්වැසුම ප්‍රතිලාභී වැඩසටහන් සඳහා ලක්ෂ 11 කට අධික අභියාචනා සහ විරෝධතා ලැබී තිබෙනවා.

මුදල් අමාත්‍යංශය පැවසුවේ ඉන් සියයට 60 ක ප්‍රමාණයක් මේ වනවිට සලකා බලා අවසන් බවත් ලබන 31 වැනිදාට පෙර එම කටයුතු අවසන් කරන බවත්ය.